IFCN සමඟ කරුණු පරීක්ෂා කිරීමේ මූලික කරුණු

$0.00

IFCN සමඟ කරුණු පරීක්ෂා කිරීමේ මූලික කරුණු

මෙම ස්වයං-යොමු පාඨමාලාවේදී කරුණු පරීක්‍ෂා කිරීමේ සහ අදාළ පුවත්පත් කලාවේ මූලික කරුණු ඉගෙන ගන්න.

Start Anytime

$0.00

SKU: APACFC-09

Learning Outcomes

මෙම පාඨමාලාවේ සහභාගිවන්නන් ඉගෙන ගන්නේ කෙසේද:

  • කරුණු පරීක්ෂා කිරීමේ ගමනේ ඉතිහාසය විස්තර කිරීම
  • කරුණු පරීක්ෂා කළ හැකි ප්‍රකාශ සහ කියමන් සොයාගෙන හඳුනා ගැනීම
  • කරුණු පරීක්ෂා කිරීමට සම්මත ක්‍රමවේදයක් යොදා ගැනීම
  • බොරු එළිදරවු කර කියමන් තහවුරු කර ගැනීමට උපාංග සහ ශිල්ප ක්‍රම භාවිතා කිරීම
  • ඒකාබද්ධ කරුණු පරීක්ෂා කිරීමේ ක්‍රියාකාරකමක් සැලසුම් කිරීම

$0.00

Training five or more people?
Check out our custom training.

Meta හි සහාය සහිතව,  ජාත්‍යන්තර කරුණු පරීක්ෂා කිරීමේ ජාලය ආරම්භක කරුණු පරීක්ෂා කිරීමේ පාඨමාලාවක් නොමිලේ පිරිනමන බව සතුටින් දන්වමු. පාඨමාලාව කරුණු පරීක්ෂා කිරීමේ, සහතික කිරීමේ, බොරු එළිදරවු කිරීමේ, සෞඛ්‍යය පිළිබඳ වැරදි සහ සාවද්‍ය කරුණු හෙළි කිරීමේ මොඩියුල තුනකින් යුක්තය. තවද පාඨමාලාව විසින් මාධ්‍යවේදීන්ට කරුණු පරීක්ෂා කළ හැකි ප්‍රකාශ සොයා ගත හැකි ආකාරය, කරුණු පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය, සහ උපාංගද, සිය ගමනට උපකාරී වන ශිල්පීය ක්‍රමද ගැන මුලික පුහුණුව ලබා දෙනු ඇත.

තමාට සරිලන වේගයෙන් හැදෑරිය හැකි මෙම පාඨමාලාව ආසියා පැසිපික් කලාපයේ, ශාස්ත්‍රවේදීන්, මාධ්‍යවේදින් සහ නැගී එන කරුණු පරීක්ෂකවරුන් සඳහා විවෘතය. පාඨමාලාව සාර්ථක ලෙස සම්පූර්ණ කරන අයට සම්පූර්ණ කිරිමේ සහතිකයක් ලබා දෙන අතර, කරුණු පරීක්ෂා කිරීමේ ලොව වඩාත් ගැඹුරින් කිමිදීමට වෙබ් සම්මන්ත්‍රණයකට ආරාධනා කෙරෙනු ඇත.

කාල සටහන

මෙම පාඨමාලාව ඔබට පහසු පරිදි ඔබේම වේගයෙන් සම්පූර්ණ කිරිමට නිර්මාණය කර ඇත. ශිෂ්‍යයන්, මොඩියුලය සම්පූර්ණ කිරීමට පැය 2 සිට 3 දක්වා කාලයක් ගත කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඕනෑම වේලාවක ආරම්භ කරන්න

මෙම පාඨමාලාව සිංහල කතා කරන සියලුම මාධ්‍යවේදීන්ට නොමිලේ ලබා ගත හැක.